27.2 C
Colombo
Monday, July 7, 2025

හිටපු ජනපති ගෝඨාභය යළි අමෙරිකාව බලා පිටව යයි…

Published:

හිටපු ජනපති ගෝඨාභය යළි අමෙරිකාව බලා පිටව යයි…

ශ්‍රී ලංකාවේ හිටපු 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද දින ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ  බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ  මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගොස් තිබුණු බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img