21.7 C
Colombo
Tuesday, January 20, 2026

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අවසන් තරගය ට…

Published:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට අවස්ථාව හිමිකර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

ඒ, කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර අද පැවැති තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගය.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.

එහිදී වනිඳු හසරංග අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී පන්දු 34කදී ලකුණු 77ක් රැස් කළේය.

ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රාහණය වාර්තා කළේය

ඒ අනුව මෙම තරගයෙන් ජයගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img