21.7 C
Colombo
Tuesday, January 20, 2026

නත්තලේ අරුත ගැන කාදිනල් හිමිපාණන් පහදයි…

Published:

නත්තලේ වටිනාකම රැඳී ඇත්තේ ලබාගන්නා දේවල් මත නොව පරිත්‍යාග කරන දේවල් මත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කලුතර සිරිකුරුස විදුහලේ පැවති බලාපොරොත්තුවේ උපත නමින් නත්තල් කැරොල් බැතිගී ප්‍රසංගයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකළා.

මෙහිදී අසරණ පවුල් වෙත මූල්‍ය ආධාර ලබාදීමක් ද සිදු කෙරුණා.

ඊට අමතරව අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමක් ද සිදුවූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේ අතීතයට සාපේක්ෂව වර්තමානයේ බොහෝ පවුල් දිළිඳු බවට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 6.1ක් දිනකට එක් ආහාර වේලක් හෝ නොගන්නා තත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවට රෝමයේ සංවිධානයක් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද කාදිනල් හිමිපානන් මෙහිදී සිහිපත් කළා.

මෙරට පාලකයන්ගේ දුර්දාන්ත වැඩපිළිවෙල හේතුවෙන් මෙවැනි තත්වයකට පත්ව ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මෙවර නත්තලේ වගකීම දිළිඳූ අය සමග බෙදා ගැනීම බව ද කාදිනල් හිමිපානන් ප්‍රකාශ කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img