27.2 C
Colombo
Friday, August 22, 2025

පළාත් කිහිපයකට අදත් වැසි…

Published:

උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයට අදාළව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු වෙරළ වෙත ළඟාවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img