27.2 C
Colombo
Friday, August 22, 2025

ජනවාරියේ විදුලිය කැපෙන වේලාවේ වෙනසක්…

Published:

ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවය.

ඉදිරි විදුලි කප්පාදුව සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය.

“ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ ගල්අඟුරු නැව් 5යි. තව එකක් එන්නට තියෙනව තව සුමාන දෙකක් ඇතුළත ඒ නිසා තමයි අපි නිර්දේශයක් නිකුත් කළේ, ලංකා විදුලි බලමණ්ඩලයට නොරොච්චෝලයේ බලාගාර 3ම පාවිච්චි නොකර දෙකක් පමණක් පාවිච්චි කරලා ඊළඟ නැව එනතුරු මේ කළමනාකරණය කරගෙන යන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ඉතිරි නැව් 32ක.. අපිට අවුරුද්දකට නැවු 38ක් ඕනේ. දැනට 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතිරි 30ක් හරි 31ක් හරි ගෙන්න ගන්නවානම් එහෙම අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු විතරයි අපිට ගෙන්න ගන්න පුළුවන්. අපිට දවස් 5කට සැරයක් නැවක් ගෙන්න ගත්තොත් අපිට නැවු 20කට වඩා ගෙන්න ගන්න බැහැ මොකද අපිට තියෙන කාලය මාස 4කට සීමා වෙලා තියෙන්නේ. ඒ අනුව ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට අපි ලක්වෙලා තියෙනවා. ඒ අවදානම නිසා තමයි ගල් අඟුරු නැති වුණොත් එහෙම නැවතත් මේ අවුරුද්දේ අර ජනවාරි මාසයේ තිබුණා වගේ දිර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යනවා කියන එකේ පදනමක් තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img