27.2 C
Colombo
Friday, August 22, 2025

ලක්ෂ 3ක් රැකියාවලට රට ගිහින් වාර්තාවක් තබයි…

Published:

මේ වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්‍ෂ 03 ඉක්මවා ගොස් තිබේ. එය ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගත වූ වසර ලෙස වාර්තා වේ. මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ, කුවේට් රාජ්‍යයටයි. ඒ අනුව කුවේට් රාජ්‍යයට 76,579දෙනෙකු, කටාර් රාජ්‍යයට 69,992දෙනෙකු, සෞදි අරාබිය සඳහා 51,421දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයන් 4,410දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, 6,120ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමර්ම නිමිත්තෙන් ඊයේ (18දා) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි. තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරී ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300 – 400 අතර ප්‍රමාණයක් වුවත්, තමන් මෙම අමාත්‍යාංශය භාරගත් පසුව එක් මසකට ශ්‍රී ලාංකිකයන් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම, මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පවසා සිටියේය. විදේශගත වන ශ්‍රමිකයාට ගුවන් තොටුපොළේදී පිළිගැනීමක් ලබාදීම සඳහා ‘Hope Gate’ නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තවද ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නතර කරන බවත්, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img