30.6 C
Colombo
Friday, August 22, 2025

බිත්තර මිල ඉහල යාමෙන් බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු, රයිස් මිල ඉහලට…

Published:

බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව ඇතැම් හෝටල් හිමියන් පවසති. හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර උපයෝගි කර ගන්නා කොත්තු රයිස් වැනි ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය. එමෙන්ම මෙසේ බිත්තර මිල ඉහල යාමත් සමග කේක් මිලද ඉහල දැමිමට සිදුවන බව බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලදි.

බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග රුපියල් 50කට අලෙවි කල බිත්තරයක් මේ වන විට රුපියල් 60 දක්වා ඉහල ගොස් ඇති බවත් මෙම බිත්තර මිල තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් මත බිත්තර උපයෝගි කර ගන්නා ආහාර වර්ග තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවද මෙම ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,368FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img