28.4 C
Colombo
Friday, August 22, 2025

මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි! ගෙඩිය 300යි! බෑය 150යි! උයලා හමාරයි!…

Published:

පොල් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100කට ද, මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 175ත් 200ත් අතර මිලකට ද, ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 250ට ද අලෙවි කෙරෙමින් ඇත. ඇතැම් වෙළෙන්දෝ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 300කට ද විකුණන බව මේ පිළිබඳ අදහස් දැක්වූ පාරිභෝගික පිරිස් පැවසූහ.

පොල් මිල ඉහළ යාමත් සමග ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි පාරිභෝගිකයන් වෙනුවෙන් පොල් බිඳ පොල් බෑ අලෙවි කිරීමට මේ වනවිට ඇතැම් වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති.

විශේෂයෙන් වෙළඳපොලේ පොල් හිගයක් පැවතීම පොල් මිල ඉහළ යාමට හේතුව බවත් පොල් හිඟය නිසාම වගාකරුවන් තමන් සතු ඵලදාව වැඩි මිලට අලෙවි කරන බවත් වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.

පොල් පොහොර හිඟය නිසා පොල් වගාවට කලට වේලාවට පොහොර යෙදීමට නොහැකි වීම ඵලදාව අඩු වීමට හේතු වී ඇතැයි පෙන්වා දෙන වගාකරුවෝ මෙවර පොල් ඵලදාවේ ගෙඩි ද කුඩා වූ බව කියා සිටිති.

මේ අතර මීට ඉහත පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාරිභෝගික සේවා අධිකාරිය පොල්වල වට ප්‍රමාණය අනුව පාලන මිලක් 2020 දී ක්‍රියාත්මක කර පසුව පාලන මිල ඉවත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img