28.4 C
Colombo
Friday, August 22, 2025

රාජ්‍ය සේවකයන් ලක්ෂ 3ක් අයින් කළත් වැඩ ටික ප්‍රශ්නයක් නැතිව ලේසියෙන්ම කරන් යන්න පුලුවන්! රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්!…

Published:

ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවකයන් ලක්ෂ දොළහක් දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වාගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවැසීය.

මෙතෙක් කාලයක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු කළේ පුරප්පාඩු තිබියදී නොව රජයේ විවිධ ප්‍රතිපත්තිමය තීරණ හරහා බවද ලේකම්වරයා අවධාරණය කළේය.

එමෙන්ම වසරකට රාජ්‍ය සේවකයන් විසිදහසක් පමණ විශ්‍රාම ගැනෙන අතර එවැනිම ප්‍රමාණයක් නැවත රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් කාලයක් පැවතුණි.

එහෙත් වත්මන් රජය යටතේ රාජ්‍ය වියදම අඩු කර ගැනීමේ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කර තිබේ.

ඒ අනුව වසරකට රාජ්‍ය සේවකයන් විසිදහසක් පමණ විශ්‍රාම ගැනුණද නැවත රාජ්‍ය සේවය සඳහා එවැනි ප්‍රමාණයක් බඳවා ගැනීමක් සිදු නොකෙරේ.

මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි වසර කිහිපය තුළ දී රාජ්‍ය සේවය ක්‍රමානුකූලව අඩු කර ගත හැකි බවද ලේකම්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img