27.8 C
Colombo
Friday, August 22, 2025

දුමින්ද සිල්වාට එරෙහි පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට…

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වුවා.

පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාට පොදු සමාවක් ලබා දුන්නා.

එම තීරණයට එරෙහිව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා .

ඒ අනුව දුමින්ද සිල්වාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කර තිබෙනවා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට දින නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img