27.8 C
Colombo
Monday, August 25, 2025

විදුලි බිල වැඩි කළ හොත් විදුලිය කපාහැරීම නවතිද?…

Published:

විදුලි බිල වැඩි කළ ද ලබන වසරේ විදුලිය කපීම සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා

ජලාශවල ජලය අඩු වීම ගල් අඟුරු හා ඉන්ධන හිඟය යන කරුණු නිසා ලබන වසරේත් විදුලිය කපා හැරීමට සිදුවන බවත් මේ වන විට විදුලිය සියයට හැත්තෑවක් ජලය ලබා ගන්නා අතර ලබන වසර මුල් වන විට ජල මට්ටම අඩු වන අතර ගල් අඟුරු හා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නොමැති ව වීමේ ප්‍රශ්නයක් මත ලබන වසර මුල් කාලයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වනු ඇතැයි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

විදුලි කපාහැරීම නැවැත්වීමට විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලි බල ඇමැතිවරයා ප්‍රකාශ කළත් පවතින මෙම තත්වය යටතේ විදුලිය කපා හැරීමට සිදුවන බවද ඔවුන් සඳහන් කරයි මේ තත්ත්වය නිසා විදුලි බිල වැඩි කිරීම සිදු නොකළ යුතු බවට ඔවුන් විදුලිබල මණ්ඩලයට යෝජනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img