23.4 C
Colombo
Friday, November 28, 2025

ඩෙංගු යළි හිස ඔසවයි…

Published:

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,602 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද  රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

ඊට අමතරව පසුගිය සතිය තුළ කල්මුනේ, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවල ද සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

ඒ අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 68,928 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය වසරේ මෙම කාලය තුළ ඩෙංගු රෝගීන් හඳුනාගෙන ඇත්තේ 27,844 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 41ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,481FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img