23.4 C
Colombo
Friday, November 28, 2025

එළඹෙන උත්සව සමයේ පාලන මිලටත් වඩා අඩුවෙන් බිත්තර….

Published:

එළඹෙන උත්සව සමයේ දී කිසිඳු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව මේ වනවිට පනවා ඇති පාලන මිලටත් වඩා අඩුවෙන් එළඹෙන උත්සව සමයේ දී බිත්තර මිලදී ගැනීමට හැකිවන බවයි එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම රජය මඟින් පනවා තිබෙන පාලන මිල වන රුපියල් 50.00ට වඩා වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සභාපතිවරයා දැනුම් දෙනවා.

මේ වන විට රටපුරා සියලු කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදුවෙමින් පවතින බවත්, ඉදිරි මාස දෙක තුනකින් පමණ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන්ට බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,481FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img