29.5 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට ළමා මන්දපෝෂණය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානයෙන් පුරෝකථනයක්…

Published:

ශ්‍රී ලංකාවේ සෑම පවුල් පහකින් පවුල් 02ක් සිදුකරන වියදම් වලින් 75%ක් සිදුකරනු ලබන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වර්තාවක දැක්වෙනවා.

අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මාසික වැටුපෙන් හෝ අදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් කරන විට, සෞඛ්‍යය සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවයි.

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ලබන වසර (2023) පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එම සංඛ්‍යාවෙන් මිලියන 2.9 ක් ළමුන් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය, මෙරට ආහාර සුරක්ෂිතතාවය තවත් පිරිහිය හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ, අනුව ඉදිරි මාසවලදී ළමා මන්දපෝෂණ තත්ත්වය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානය පුරෝකථනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,425FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img