31.7 C
Colombo
Tuesday, August 26, 2025

පාර්ලිමේන්තුව වටලන්න එයි.. ආරක්‍ෂාව තර කරයි…

Published:

අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 8දා පාර්ලිමේන්තුව වටකර උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට බහුජන සංවිධාන එකමුතුව ඇතුළු දේශපාලන සංවිධානවල අභ්‍යන්තර සූදානමක් ගැන ආරක්ෂක අංශ ප්‍රධානීහු රජයට දැනුම් දී ඇත. අයවැය අවසන් විවාදයට පැමිණෙන මහජන නියෝජිතයන්ට මග අවහිර කිරීම, බලපෑම් කිරීම ඇතුළු සැලසුම් රැසකට අරඅදින බවද බුද්ධි අංශ හෙළිකරගෙන ඇතැයිද මෙමගින් පෙන්වා දී තිබේ. මේ අනුව පාර්ලිමේන්තු වැඩ කටයුතුවලට බාධාකරමින් අවහිර කළහොත් ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගේ මැදිහත් වීමෙන් අධිකරණ නියෝගයක් ලබාගැනීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ​පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීමකදී අත්අඩංගුවට ගන්නා විරෝධතාකරුවන්ට ඇප ලබානොදීමට හැකි අයුරින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් මෙහිදී සාකච්ඡා කර ඇත.

ලබන 8 වැනිදා බහුජන සංවිධාන එකමුතුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිස්ත්‍රික් මට්ටමින් රටපුරාම උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වන බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කර ඇත. බඩු මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් විරෝධතා මාලාවන් පැවැත්වීමට මෙහිදී කටයුතු යොදා ඇතැයි හෙළි වී තිබේ. ඒ අතරේ පාර්ලිමේන්තුව වටකර උද්ඝෝෂණ මාලාවක් කිරීමට වන සූදානමක් නිසා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂක විධිවිධාන යෙදවීමටද තීරණය කර ඇත.

අයවැයට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (5 වැනිදා) සහ අද (6 වැනිදා) රටපුරා විරෝධතා මාලාවන් සංවිධානය කර තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය මගින් ලබන 9දා බඩු මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉල්ලමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය. ඊට සමගාමීව රට පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිටදීත් උද්ඝෝෂණ පැවැත්වීමේ සූදානමක් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img