31.7 C
Colombo
Tuesday, August 26, 2025

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ…

Published:

සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වනු ඇත.

55 හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආණ්ඩුවේ ඕනෑම සේවකයෙකුට ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට හැකිවන අතර නියම බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් ඒ අනුව අවුරුදු 60න් අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතු වේ.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කර අදාළ නියෝගය ආදේශ කරමින් එය සංශෝධනය කර එම නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img