31.7 C
Colombo
Tuesday, August 26, 2025

ශ්‍රී ලංකාවම 5G කරන්න අනුමැතිය…

Published:

දිවයින පුරා පවතින විදාතා මධ්‍යස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නැවත සක්‍රීය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවති තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. විදාතා මධ්‍යස්ථාන නැවත තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නව ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කළ ඉල්ලීමට අනුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පිළිබඳව ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමුකළහ. පසුගිය වසර තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ලාභය රු. බිලියන 12ක් බවත් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය රු. බිලියන 6 කට ආසන්න බවත් මෙහිදී එම සමාගමේ නිලධාරීහු පැවසූහ.

ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව පිළිබද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා එම සමාගමේ නිලධාරීන්ගෙන් සමාගමේ තොරතුරු විමසා සිටි අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී ටෙලිකොම් සමාගමේ නිලධාරීන් පවසා සිටියේ සමාගමේ අයිතියෙන් සියයට 49.5 ක් රජය සතු බවත් පෞද්ගලීකරණය සිදුකළ හොත් පෞද්ගලික අංශයට හිමිවන්නේ එම කොටස් ප්‍රමාණය බවත්ය.

අන්තර්ජාල සැපයුම් සමාගම්වලට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 5G තාක්ෂණය සදහා අවසර ලබා දීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව 5G තාක්ෂණයට අදාළ වානිජ කටයුතු ඇරඹීම සදහා ලබන වසරේ අවශ්‍ය කටයුතු සම්පාදනය සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img