31.7 C
Colombo
Tuesday, August 26, 2025

කැළණිතිස්ස අක්‍රීයයි – විදුලි කප්පාදු කාලසීමාව වැඩිවෙයි ද ?…

Published:

නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රීය වුණා.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

කැළණිතිස්ස බලාගාරය ජාතික පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

දැනට සිදුකෙරෙන විදුලි ජනනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img