30.6 C
Colombo
Tuesday, August 26, 2025

ධීවරයන්ගේ ඉන්ධන ප්‍රශ්නය විසඳීමට ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු හඳුන්වා දෙනවා…

Published:

ධීවරයන්ට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු හඳුන්වාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පසුගියදා (29) පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා (29) පාර්ලිමේන්තුවේ පැවති ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

කුඩා මසුන් ඇල්ලීමේ නිරත ධීවරයින්ට බැටරිය භාවිතයෙන් කිලෝමීටර් 100ක් ගමන් කළ හැකි විදුලි මෝටර් බෝට්ටු හදුන්වා දීමට අපේක්ෂා කරන බවත් දිනකට වියදම රුපියල් 86ක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

භූමිතෙල් සහ ඩීසල් භාවිත කරන බෝට්ටු සඳහා සූර්ය පැනල සහ සුළං ටර්බයින මගින් විදුලිය උත්පාදන පහසුකම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img