30.6 C
Colombo
Tuesday, August 26, 2025

පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීමට කාර්ය සාධක බළකායක්…

Published:

පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල් සිසුන් අතර ද මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (01) කොළඹ දී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img