30.6 C
Colombo
Tuesday, August 26, 2025

උසස් පෙළ කඩඉම් ලකුණු හෙට නිකුත් කෙරේ!…

Published:

උසස් පෙළ කඩයිම් ලකුණු හෙට (2) නිකුත් කෙරේ. අයැදුම්පත් කැඳවා මාස දෙකයි

අ.පො.ස. උසස් පෙළ – 2021 (2022) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හෙට (2) නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉතිහාසයේ අයදුම්පත් කැඳවීම අවසන් කර ඉතා අඩුම කාලයකින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන්නේ මෙවර වීමද සුවිශේෂි සිද්ධියකි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් කැඳවා අවසන් කර මාස 2යි සතියක් ඇතුළත කඩඉඩම් ලකුණු නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. පසුගිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළේ ඉකුත් අගෝස්තු 28 දා වන අතර, එම ප්‍රතිඵල අනුව සැප්තැම්බර් 05 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් කැඳවූ අතර, එය සැප්තැම්බර් 23 අවසන් කෙරිණි. අ.පො.ස. උසස් පෙළ – 2021 (2022) විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 236,035ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 36,647ක් වශයෙන් අයදුම්කරුවන් 272,682ක් පෙනී සිටි අතර, එයින් 171,497ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබා තිබිණි.

එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අවම සුදුසුකම් ලැබූවන්ගෙන් 149,946ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 21,551ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.

මේ විභාගයේ ප්‍රතිඵල මත රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 42,519කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img