28.4 C
Colombo
Tuesday, August 26, 2025

වසර ගණනාවකට පසු පිට පළාත් වලින් නුවරඑළියට පාසැල් ළමුන් විශාල පිරිසක්…

Published:

වසර පහකට කට පසු වාර්ෂික අධ්‍යාපනික හා විනෝදාත්මක සංචාරය සඳහා ලංකාවේ දස දෙසින් පාසල් ළමුන් විශාල පිරිසක්  (29) දින නුවරඑළිය සංචාරක නගරයට පැමිණීමක් මේ දිනවල දක්නට ලැබේ .

රට තුළ පසුගිය කාලයේ උද්ගත වු නොයෙකුත් ගැටලුකාරී හා ව්‍යසනකාරී තත්ත්වයන් හේතුවෙන්  වසර හතරක පමණ කාලයක් අධ්‍යාපනික හා විනෝද චාරිකා යාම පාසල් ලමුන්ට සීමා කර තිබුණි.

රටේ ආර්ථික තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය යථා භාවයට පත් වීමත් සමගින් නැවතත් ගාල්ල , මාතර  , කොළඹ සහ උතුරු නැගෙනහිර පළාත් වල පාසල් සිසුන් දහස් සංඛ්‍යාවක් පසුගිය දින කිහිපය පුරාවට   දෙවන පාසල්  වාරයේ නිවාඩුව ලබාදීමට පෙර වාර්ෂික අධ්‍යාපනික හා විනෝද සංචාරයේ යෙදීම සඳහා නුවරඑළිය නගරය තෝරා ගෙන සංචාරයේ නියැලෙන බව  එම පාසල්වල ගුරු භවතුන් කියා සිටියේ.

මෙලෙස අධ්‍යාපනික හා විනෝද චාරිකාවක් සඳහා නුවරඑළිය සංචාරක පුරවරය ට පැමිණෙන දහස් සංඛ්‍යාත වූ පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් නුවරඑලිය පොලිසිය මගින් දියත් කර ඇති බව නුවරඑලිය  මූලස්ථාන ප්‍රධාන  පොලිස් පරීක්ෂක හේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .

පාසල් ළමුන්ගේ සනීපාරක්ශක කටයුතු නිසි ලෙස ලබාදීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර ඇතැයි නුවරඑළිය මහ නගර සභා නාගරික සෞඛ්‍ය ඒකකය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img