27.8 C
Colombo
Wednesday, August 27, 2025

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්ට ලැබුණු අධිකරණ තීන්දුව…

Published:

කොළඹ වරායට අසලදී ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 08 දෙනෙකුට අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුවන් දැඩි කොන්දේසි සහිත රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට ඊයේ (25) නියම කළා.

විනිසුරුවරයා විසින් නඩු විභාගය අවසන් වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක්ද පැනවීය.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා වු රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි, නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගම එහි සභාපතිවරයා අධ්‍යක්ෂවරු ඇතුළු අට දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img