27.2 C
Colombo
Wednesday, August 27, 2025

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයටම විදුලිය ඇනහිටී…

Published:

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ශීත සෘතුව ආරම්භවීමත් සමග රුසියාව විසින් යුක්‍රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම ප්‍රහාර තිව්‍ර කර ඇති අතර මෙමගින් එරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

රට පුරා බලශක්ති මධ්‍යස්ථාන අඩකට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩි කිරීමට සිදුව ඇති බව ද නිව්යෝර්කි හී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img