27.8 C
Colombo
Wednesday, August 27, 2025

මුහුදෙන් ඉන්දියාවට ගිය ලාංකිකයෝ…

Published:

තවත් ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ රාමේෂ්වරම් දූපත වෙත ගොස් තිබේ.

ඊයේ (23) දිනයේ දි අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස බෝට්ටුවකින් රාමේෂ්වරම් වෙත පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන් අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක්,තරුණයෙක් සහ ළමුන් පස් දෙනෙක් සිටින බව සඳහන්ය.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 209 දෙනෙකු නීතිවිරෝධී ලෙස ඉන්දියාව වෙත පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණි මෙම ශ්‍රී ලාංකකියින් සියලුදෙනා මේ වන විට තමිල්ණාඩු සරණාගත කඳවුරක රඳවා සිටින බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img