27.2 C
Colombo
Wednesday, August 27, 2025

උපයන ඩොලර් ආදායම රටට නොදෙන අපනයනකරුවන්ගේ නම් හෙළි කරමි – මහ බැංකු අධිපති…

Published:

අපනයනයෙන් උපයන ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන නොඑන ව්‍යාපාරිකයන් පිළිබඳ තොරතුරු රටට හෙළිකර ඔවුන් උපයාගත් ආදායමත් සමඟ රුපියල් බවට පත් කිරීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඉදිරි සති දෙක ඇතුළත මෙම වැඩකටයුතු ආරම්භ කරන බව මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ. ඊයේ පැවති අපනයනකරුවන්ගේ හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුව අපනයනකරුවන් දින 180ක් ඇතුළත උපයන ඩොලර් ආදායම රටට ගෙනවිත් එම මුදල් රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ඉහළම අපනයනකරුවන් සිය දෙනා අතරින් ඉහත රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේ අපනයනකරුවන් 27 දෙනෙකු පමණක් බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img