27.8 C
Colombo
Wednesday, August 27, 2025

මොරටුව උසාවිය තුළදී පොලිස් සැරයන්වරයෙකු මරුට…

Published:

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළදී විනිසුරුතුමාට ආචාර කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ බිම ඇද වැටීමෙන් මියගොස් ඇතැයි පිලියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ හක්මන පොලිසියට අනියුක්තව අපරාධ අංශයේ සේවය කරමින් සිටී වලස්මුල්ල කොහොලාන දිවුලම්පිටිය පාර පදිංචිව සිටි ගිගන ගමගේ මහනාම නිශාන්ත ප්‍රියදර්ශන 50 තිදරු පියෙකි.

මියගිය පොලිස් සැරයන්වරයා මීට වසර කිහිපයකට ඉහත දී මොරටුව එගොඩඋයන පොලිසියේ සේවය කරමින් සිටියදී
2018 මැයි මාසයේදී පහරදීමක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

එම නඩුව ඊයේ 23 දින විභාග වෙමින් තිබියදී සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබාදී තිබූ සැරයන්වරයා අනතුරුව මහේස්ත්‍රාත් තුමාට ආචාර කරන අවස්ථාවේදී රෝගී වී එකවරම බිම ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ එහි සිටි පොලිස් නිලධාරීන් සැරයන් වරයාව ලුනාව රෝහලට රැගෙන එන විටත් මිය ගොස් ව සිට ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා කීය.

එම අවස්ථාවේදී මදවෙලාවකට අධිකරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබිණි.

මියගිය සැරයන්වරයාගේ මෘත දේහය තැන්පත් කර තිබූ ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත පැමිණි හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළසිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img