30.6 C
Colombo
Friday, August 22, 2025

ට්විටර් කාර්යාල සියල්ල හදිසියේම වසා දමයි…

Published:

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ.

සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බවය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.

මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා තිබේ.

ඉන් ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.”

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති බවය.

එම ප්‍රතිඥාවට අද (17) වනවිට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් පැවසීය.

“සාර්ථක වීම සඳහා අපි දැඩි ලෙස කැපවිය යුතුයි,” යනුවෙන් ඔහු තම සේවක මණ්ඩලයට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img