30 C
Colombo
Wednesday, October 15, 2025

රෝහල් රැසක රෝගී පරීක්ෂණ කටයුතු ඇනහිටී…

Published:

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ.

මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී.

මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බවය.

මේ අතර රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර  HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරන එලයිසා නමැති රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්‍ය වෘත්තිකයින් අනාවරණය කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,269FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img