26.7 C
Colombo
Wednesday, August 27, 2025

කොන්දේසි රැසක් මත ධනුෂ්ක ගුණතිලක ඇප මත නිදහස් කෙරේ…

Published:

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි ඩෝව්නින් අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.

ලිංගික අපචාර චෝදනා මත සිර දඬුවම් විදිමින් සිටි ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ රජයේ සහය හිමිවන බවට අධිකරණය හමුවේ දැනුම් දී ඇති අතර ඔහු වෙනුවෙන්  ඩොලර් 150,000 ක ඇපයක් තබන බවට ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිඩ්නි අධිකරණ මහේස්ත්‍රාත්වරයා විසින් ධනුෂ්ක ගුණතිලකට ඩොලර් 150,000ක ඇපයක්, දෛනිකව පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා පිටතට යෑම තහනම් කිරීම, පැමිණිලිකරු සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් ඇතුළු Dating ජංගම දුරකථන යෙදුම් වලට ප්‍රවේශවීම තහනම් කිරීම ඇතුළු කොන්දේසි මත ‍ඔහුට ඇප නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img