26.7 C
Colombo
Wednesday, August 27, 2025

අද සිට වෙනස් වෙන පාස්පෝට් ගාස්තු…

Published:

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබේ.

ලබන වසර සඳහා වු අයවැය යෝජනාවකට අනුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තු සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා තිබේ.

සාමාන්‍ය සේවය යටතේ විදේ‍ශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රුපියල් 3,500ක්ව පැවති ගාස්තුව රුපියල් 5,000 දක්වා ඉහළ යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම නිකුත් කොට වසරකට අඩු කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍රයක් යළි ලබා ගැනීමේ දී අය කරනු ලැබු රුපියල් 11,500ක්ව පැවති දඩ මුදල රුපියල් 20,000 දක්වාත් නිකුත් කොට වසරකට වැඩි කාලයක් තුළ නැති වු ගමන් බලපත්‍ර වෙනුවෙන් අයකරනු ලැබු රුපියල් 11,500ක් වු දඩ මුදල රුපියල් 15,000 දක්වාත් ඉහළ දමා තිබේ.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා එක්දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 7,500 සිට 9,000 දක්වාත් සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2,500 සිට 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img