26.7 C
Colombo
Wednesday, August 27, 2025

සභාපති හිමි සෙරෙප්පුවෙන් දිගට හරහට පහර දී උප සභාපති රෝහලේ…

Published:

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති කරගහවෙල නන්දවිමල හිමියන් පහරදුන්නේ යයි පවසමින් එහි උප සභාපතිවරයා රෝහල් ගතකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සභාවේ මාසික සභාවාරය අවසානයේ මෙම පහර දීම සිදු කළ බව පවසමින් උපසභාපතිවරයා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් වී සිටී.

සභාව අවසන්වී මන්ත්‍රීවරුන් පිටව යද්දී සභාපති හිමියන් තමනට සෙරෙප්පුවකින් දිගට හරහට පහර දුන් බව උපසභාපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේවෙතත් සභාපති නන්දවිමල හිමියන් සඳහන් කරන්නේ උපසභාපතිවරයා තමනට සභාව පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවයි.

නමුත් තමන් ඔහුට පහර දීම සිදු නොකළ බවත් බහින්බස් වීමක් පමණක් සිදුවූ බවත් ඔහු රෝහල්ගත වී සිටින්නේ බොරුවට බවත් සභාපති හිමියන් තවදුරටත් කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img