25 C
Colombo
Thursday, August 28, 2025

උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබන 75කට විදෙස් ශිෂ්‍යත්ව – ඌව වෙල්ලස්සටත් වෛද්‍ය පීඨයක්…

Published:

ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී සඳහන් කර සිටියා.

එමෙන්ම කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් ද පිහිටුවීමට කටයුතු කරන බව සඳහන් කළා.

උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබන අයට විදෙස් ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට ද 2023 අයවැයේ දී යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

පේරාදෙණිය , රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් පිහිටුවීමට ද අයවැයේ දී යෝජනා කෙරුණා.

ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ත්ව සහතික මණ්ඩලයක් ඇති කරන බවද සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img