25 C
Colombo
Thursday, August 28, 2025

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව දකුණු කොරියාවේ දී අතුරුදන්…

Published:

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග අවසන් වීමෙන් පසුව කාන්තා කණ්ඩායම ඊයේ (13) දිනයේ දී පිරිමි කණ්ඩායමේ තරග නරඹමින් සිටි අවස්ථාවක ඇය මෙලෙස කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඉන් පැය කිහිපයකට පසු පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීනිය විසින් අවස්ථා දෙකක දී
නිවේදනය කරමි සඳහන කර ඇත්තේ “දුලානි අපි ඔයාව හොයනවා, ඉක්මනටම කණ්ඩායමට එකතු වෙන්න” යනුවෙන්.

කෙසේ වෙතත් එම නිවේදනයෙන් පසුවත් ඇය කණ්ඩායම සමඟ එක් නොවූ බවයි වාර්තා වන්නේ.

පසුව මැයගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංමගයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

එහිදී කොරියානු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට පෙර ඇයව සොයාගැනීමට උත්සාහය ගන්නා බවයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) මෙරට බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img