25 C
Colombo
Thursday, August 28, 2025

ලෝක කුසලානය ජය ගන්න එංගලන්තයට පහසු ඉලක්කයක්…

Published:

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ජෝෂ් බට්ලර්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 137ක් රැස් කිරීමට සමත් වුණා.

පාකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස්කළ අතර, ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ සැම් කරන් පාකිස්ථාන පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක්ජ් එල්ල කළා.

එහිදී ඔහු සිය පන්දුවාර 04 තුළ ලකුණු 12ක් ලබාදෙමින් කඩුලු 03ක් දවා ගත්තා.

ඒ, අනුව අවසන් මහා තරගය ජය ගැනීමට එංගලන්ත පිළට පන්දුවාර 20 තුළ ලකුණු 138ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img