25 C
Colombo
Thursday, August 28, 2025

මට නම් පිං මන්ත්‍රීකම් එපා.හිරුණිකා කියයි…

Published:

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි

නමුත් තමනට පිං මන්ත‍්‍රී ධුර අවශ්‍ය නැති බවද ඇය පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

‘හුඟක් අය මට කියනවා ඩයනා අයින් උනාම පුරප්පාඩුවට මාව දානවා කියලා. අනේ මම නං කියන්නේ ඔය පිං මන්ත්‍රී කම් මට එපා. මට තාම හය්යහත්තිය තියෙනවා කැම්පේන් කරන්න. මට තාමත් ජනතාව අතරට යන්න පුළුවන්. රෙස්ටෝරන්ට එකකට ගිහින් කෑමක් කන්න පුළුවන්. කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන්. මට මගේ දරුවොත් එක්ක මහත්තයත් එක්ක එලියට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් තාම නැහැ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img