25 C
Colombo
Thursday, August 28, 2025

ඉන්දියාව ලැබූ දරුණු පරාජය…

Published:

 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ලොව සියලු දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා. ඒ, වසර 30ක ක්‍රිකට් මතකයක් යළි අලුත් වීමත් සමගයි.

1992 වසරේ පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේද එංගලන්තය සහ පකිස්ථානයයි. එම තරගාවලියේ සත්කාරකත්වය දැරුවේද ඕස්ට්‍රේලියාවයි. එම තරගාවලියේ අවසන් මහා තරගය පවත්වා ඇත්තේද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේයි.

ලබන ඉරිදා මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේයි. 1992 වසරේදී එවක පැවති ලෝක කුසලානයෙන් පකිස්ථානය ජය ගත්තා. එය පකිස්ථානය ලැබූ පළමු ලෝක කුසලානයයි.

ඉන්දියාවට එරෙහිව එංගලන්තය ඊයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ක්‍රිකට් පිටියට තවත් අපූරු සිදුවීමක් එක් කර තිබෙනවා. ඉකුත් වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය නවසීලන්තය හමුවේ පරාජයට පත් වුණා. ඒ, 2021 නොවැම්බර් 10 වනදායි.

ඉන් හරියටම වසරකට පසු, 2022 නොවැම්බර් 10 වනදා එනම් ඊයේ  එංගලන්තය ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදීම ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ඵ් අනුව වසරක් යාමටත් පෙර, ගියවර පන්දුවාර විස්සයි විස්ස ලෝක ශූරයින් මෙන්ම අනුශූරයින්ටද අවසන් මහා තරගය අහිමි වී ගොස් තිබෙනවා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී නව වාර්තා කිහිපයක්ද බිහි වුණා. එහිදී එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලකුණු 170ක සබදතාවක් ගොඩ නැගූ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සබදතාවය වනවා.

ඵංගන්තයට ජය මාවත විවර කල ඇලෙක්ස් හේල්ස් පන්දු 47 කදී නොදැවී ලකුණු 86 ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත් වුණා. ඔහු ඵංගලන්ත ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ කැදවූ ක්‍රීඩකයෙක්. ඇලෙක්ස් හේල්ස් ඵලෙස සංචිතයට කැදවන්නේද වසර තුනකට පසුවයි. ඵ්, ඵංගලන්ත ප්‍රබල පිතිකරුවන් වන ජේසන් රෝයි අසාර්ථක වීම හා ජොනී බෙයාස්ටෝ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඇලෙක්ස් හේල්ස් ද විනය විරෝධි හැසිරීම් හේතුවෙන් මීට පෙර තරග තහනමකට ලක්වූ අයෙක්. 2019 ලෝක කුසලානයෙන් පසු ඔහු ඵංගලන්ත සංචිතයෙන් ද ඉවත් කෙරුණා. ඵ්, මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ දෙකකින් ඔහු අසමත්වීමත් සමගයි.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පකිස්ථානය සහ ඵංගලන්තය අතර ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img