25 C
Colombo
Thursday, August 28, 2025

නවකවද පැමිණිලි කෙලින්ම CID-යට…

Published:

නවකවදය සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි පිළිබඳව මින් ඉදිරියට පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව සියලු පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනු ඇති.

ඊට අවශ්‍ය උපදෙස් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ලබා දී ඇති බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය සංගමයක සිසුන් 3 දෙනෙකු විසින් පහර දී නවකවදය ලබාදීම සම්බන්ධයෙන් සහ ඊට උපදෙස් දුන් තවත් සිසුන් 6 දෙනෙකුට නේවාසිකාගාර තුළ දී ප්‍රශ්න කරමින් පහරදීමේ සිද්ධියක් පිළිබඳව ද කැළණිය පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලි විභාගය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමටයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට සමාජ මාධ්‍ය භාවිත කර අසභ්‍ය දර්ශන යොමුකර නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිලි ලැබී ඇති බැවින් එහි පරීක්ෂණ කටයුතු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img