30 C
Colombo
Thursday, August 28, 2025

වැඩි මිළට විකිණීම තහනම් වූ බිත්තර…

Published:

වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා ඊයේ (08) සිට වැටලිම් ක්‍රියාත්මක වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

රුපියල් 50ක් වන පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.

නීතිය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් ලක්‍ෂයක දඩයකට යටත් වීමට සිදුවිය හැකි බවත්, වැටලීම් සිදුනොකරන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවත් ඒවා නොසලකා වැටලීම් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් පැවසූ ඒ මහතා ව්‍යාපාරිකයන් බිත්තර හිඟයක් මවා පා බිත්තර මිල වැඩි කිරීමට උත්සාහදරන බවට පෙනී යන බවද කියා සිටියේය.

පාලන මිලට අලෙවි නොකර ඇතැම් ස්ථානවල බිත්තර තොග තබාගෙන සිටින බවට ලැබුණු තොරතුරු මත වැටලීම් කර නීතිමය පියවර ගත් බවත් තවත් එවැනි ස්ථාන තිබේනම් වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් පැවසූ කිරිඇල්ල මහතා අවශ්‍ය නම් කාර්යාල වේලාවන් තුළ 1977 අංකයට තොරතුරු ලබාදිය හැකි බවද පැවසීය.

බිත්තරයක් දින 14ක වඩා ගබඩාකර තබා ගත නොහැකි බවත් එම නිසා තොග සඟවා ගෙන නොසිට වෙළෙඳ පොළේ පාලන මිලට අලෙවි කිරීමට සපයන ලෙසත් ඒ මහතා තොග වෙළෙන්දන් ගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img