22.2 C
Colombo
Tuesday, January 20, 2026

කෙහෙවලු පටලවා ගනිතැයි ප්‍රියමාලි-ජානකී දෙතැනකට…

Published:

රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ ජානකී සිරිවර්ධනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා ඇය මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර තොරතුරු වාර්තා කරයි.

මොවුන් දෙදෙනාම එකම බන්ධනාගාරයක රඳවා තැබීමෙන් බන්ධනාගාරය තුළදී දෙදෙනා අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු වීමට ඉඩ ඇතැයි සැක කරමින් මෙසේ ජානකී සිරිවර්ධනව මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ගිය බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.තිළිණි ප්‍රියමාලි රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා අංශයේයි.

ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 05 වැනිදාය.

ඇයව අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් ලියාදිංචි කිරීමේ කටයුතු අවසන් වූ වහාම මීගමුවට රැගෙන ගිය බවද එම නිලධාරියා පැවසීය.

තිළිණිත් ජානකීත් එකම බන්ධනාගරයක එකට සිටීමෙන් සාක්ෂි විනාශ කිරීමට දෙදෙනා එක්ව සැලසුම් කරනු ඇති බවට සැකයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටත් මොවුන් නිසා අගතියට පත් වූ පාර්ශ්වයේ නීතිඥවරුන්ටත් මතු වී තිබිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img