29.5 C
Colombo
Thursday, August 28, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයන් අද ක්‍රීඩා අමාත්‍යාංශයට…

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සියලු සාමාජිකයන් අද (08) දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බව සඳහන්.

ඊට අමතරව මෙම හමුවට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද සහභාගි වීමට නියමිතයි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ ඇතැම් සාමාජිකයන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින සාමාජිකයන් කිහිපදෙනා මෙම හමුව සඳහා එක්වීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ නිලධාරීන් හා ඔවුන් වෙනුවෙන් වැයකළ මුදල් පිළිබද වාර්තාවක් මෙහිදී ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img