27.8 C
Colombo
Thursday, August 28, 2025

ශ්‍රී ලාංකිකයින් 300 රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේ දී මුදාගැනේ…

Published:

ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී ජපාන නෞකාවක් විසින් මුදාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම පිරිස රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම්වත්කර ඇති බව සඳහන්.

පසුව මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දීමෙන් අනතුරුව වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.

අනතුරුව, අනතුරටපත් ශ්‍රී ලාංකික පිරිස ගමන්ගත් යාත්‍රාව අසලින් යාත්‍රා කරමින් තිබූ ජපානයට අයත් ‘හිලියෝස් ලීඩර්’ නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඔවුන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මෙම පිරිස මුදාගෙන තිබෙනවා.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ මෙම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා අරඹා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img