27.8 C
Colombo
Thursday, August 28, 2025

ලෝකය වෙනුවෙන් ජනපති කළ ඉල්ලීම…

Published:

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” සාකච්ඡාවට අද (07) සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර ඒ සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙසයි.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ගැනද ඔහු සඳහන් කළා.

2023 පළමු කාර්තුව අවසන් වන විට තිරසර ණය සහන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව ඔහු මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img