27.8 C
Colombo
Friday, August 29, 2025

ධනුෂ්ක අද සිඩ්නි අධිකරණය හමුවට…

Published:

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් ඊයේ (06) කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු ඊයේ  වාර්තා වුණි.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගත්තේය.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක Sydney City පොලීසිය විසින් පැරමැටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීම තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඒ පිළිබඳ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තමන් නිල වශයෙන් දැනුවත් කළ බවය.

එහි දැක්වෙන්නේ ආබාධයකට ගොදුරු වූ ධනුෂ්ක ගුණතිලක තවදුරටත් ඔස්ට්‍රෙලියාවේ රඳවා ගැනීම කණ්ඩායම් කළමණාකාරිත්වය ගනු ලැබු තීරණයක් වන අතර තේරීම් කමිටුවේ සහ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔහුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රඳවාගෙන සිටි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img