27.8 C
Colombo
Friday, August 29, 2025

වැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීම අද සිට…

Published:

වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ලීටර් 05ක අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) දිනයේ සිට ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

බස්නාහිර පළාතේ පමණක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම තවමත් සිදුකළ හැකියි.

මේ අතර පසුගිය 01 වනදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථ 9,000ක් පමණ මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

www.wptaxi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට මේ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාව පවතිනවා.

මේ අතර ත්‍රිරෝද රථ සංගම් ඊයේ සඳහන් කළේ සතිකට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වා වැඩි කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img