31.7 C
Colombo
Friday, February 27, 2026

ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන ආයතන ගැන තීරණයක් ගනී…

Published:

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

මීට පෙර රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය නොකළ අතර රාජ්‍ය ආයතන විසින් බිල්පත් ගෙවීම සඳහා ප්‍රමුඛතාව ලබාදීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් එම තීරණය ගත් බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් එම රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img