23.4 C
Colombo
Thursday, November 27, 2025

සුළි කුණාටුවේ අවධානම දිවයිනෙන් බැහැරට…

Published:

දිවයිනට වක්‍රාකාරව බලපා තිබූ සුළි කුණාටු තත්ත්වය දිවයින ආසන්නයෙන් බැහැරට ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය මේ වනවිට බංග්ලාදේශයට ඇතුළු වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනට බලපා තිබූ කාලගුණ තත්ත්වය ප්‍රමාණාත්මක අඩුවීමක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවයි.

කෙසේ වෙතත් දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

ඊට අමතරව ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රියේ තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

පැවති වැසි තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වුවද දිවයිනට බලපාන අන්තර් මෝසම් සමය තව දුරටත් පවතින බැවින් දිවයින තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි තත්ත්වයන් තවදුරටත් අපේක්ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,477FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img