23.4 C
Colombo
Thursday, November 27, 2025

අලුත්ම විශ්‍රාම වැටුප…

Published:

අලුත්ම විශ්‍රාම වැටුප…
මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවය.

ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා,

“අවුරුදු 18 සිට අවුරුදු 59 දක්වා ඕනෑම පුරවැසියෙකුට මේකට බැඳෙන්න පුළුවන්. ගොවි මහත්වරුන්ට පමණක් නෙවෙයි. ධීවර කර්මාන්තයේ යෙදිලා ඉන්න, වැවිලි කර්මාන්තවල යෙදිලා ඉන්න, ඕනෑම කෘෂිකාර්මික කටයුත්තක ව්‍යාපාර වශයෙන් හරි ගොවීන් වශයෙන් හරි යෙදී ඉන්න ඕන කෙනෙකුට බැඳෙන්න පුළුවන් එතකොට තමන් දායක වන වැටුපට අදාළ විශ්‍රාමයක් ලැබෙනවා. එතකොට අවුරුදු 18න් බැඳෙන කෙනෙකුට රුපියල් 27යි මාසික වාරිකය ඒ වගේම ඔහුට අවුරුදු 60 සම්පූර්ණ වූනාම රුපියල් 5000ක මුදලක් ලැබෙනවා විශ්‍රාම හැටියට, 10 ගුණාකාරයකින් බැන්දොත් ඔහුගේ විශ්‍රාම වැටුප 50,000 වෙනවා.”

“අවුරුදු 60න් පස්සේ මේ විශ්‍රාම වැටුප් ක්‍රමයත් වෙනස් වෙනවා. අවුරුදු 60 දී රුපියල් 5,000ක් වුණාට 63 දී ඒක වෙනස් වෙනවා. 68 දී තව වැඩි වෙනවා. 70 වෙනකොට තව වැඩිවෙනවා. ඒ විදියට වැඩිවෙලා යනවා. වයස අඩුවෙන් බැඳුනොත් වාරිකය අඩුයි. වයස වැඩියෙන් බැඳුනොත් වාරිකය වැඩියි. කෙසේවෙතත් තමාට හැකි ශක්ති ප්‍රමාණයෙන් මේකට බැඳිලා තමන්ගේ ජීවිතය අවසන් වෙනකම් අවුරුදු 60න් පස්සේ විශ්‍රාමයක් ගන්න පුළුවන් ක්‍රමයක් මේක. ඒ වගේම ගොවි මහතාගේ කලාත්‍රයාට බැඳෙන්නත් පුළුවන් මේකට. ඒකට තව පොඩි ගානක් එකතු වෙනවා. එහෙම නැතිනම් දායකයා මිය ගිහින් කාලත්‍රයා ජීවතුන් අතර සිටී නම් එයාටත් මිය යනකම් මේක ගන්න පුළුවන්. අර්ථසාධක මුදලක් ගන්න රැකියාවක් තියෙන අයටත් මේකට බැඳෙන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,477FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img