23.4 C
Colombo
Thursday, November 27, 2025

තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඕස්ටේලියාවට…

Published:

තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පුහුණුවීම් සඳහා ඕස්ට්‍ර්ලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඉහළ දක්ෂතා ප්‍රධානී ටිම් මැකාස්කිල් සමඟ ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා පිටත්කර යවන බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනෙකු මේ දිනවල විවිධ අබාධයන්ට ලක්ව සිටිනවා.

ඉදිරි තරගවලදී කිසියම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ සඳහා ආදේශ කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යොමුකරන බව සඳහන්.

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, දනිෂ්ක ගුණතිලකට ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමිව ගියා.

ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක සුළු ආබාධ සහිතව තවමත් ශ්‍රී ලංකා සංචිතය තුළ රැඳී සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img