23.4 C
Colombo
Thursday, November 27, 2025

බදු වැඩි කළ ක්‍රීඩාව…

Published:

කැසිනෝ මධ්‍යස්ථාන සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට රුපියල් කෝටි 50 දක්වා වැඩිකර තිබේ.

ඒ අනුව පසුගිය අගෝස්තු 01 වනදා සිට මෙම බදු වැඩිකිරීම ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

මීට අමතරව පහත සඳහන් බදු ඉහළ නැංවෙන පරිද්දෙන් ඔට්ටු සහ සූදු පනත සංශෝධනය කර ඇත.

කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවකට ඇතුළු වීමේදී ඇමරිකානු ඩොලර් 20ක ගාස්තුවක් අයකිරීම
වෙනත් සූදු සහ ඔට්ටු සඳහා අවම වශයෙන් පහත පරිදි බදු වැඩි කර තිබේ.
සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා
රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩිකිරීම
පිරිවැටුම මත අයකෙරෙන 10% බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩිකිරීම

ඔට්ටු උප නියෝජිතයින් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩිකිරීම
සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩිකිරීම
මේ සියල්ලටම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40% ක ආදායම් බද්දක් අයකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img